ආසියානු සංඥාබැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු


ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රායෝගික විසඳුමක් සැපයීම වෙනුවෙන් ආසියානු සංඥාබැංකුව, 2018 සීරෝ ව්‍යාපෘතිය මඟින් නවෝත්පාදන ක්‍රියාමාර්ගයක් වශයෙන් පිදුම් ලබන ලදී. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කරුණු පත්‍රිකාව සහ සීරෝ ව්‍යාපෘති වෙබ් අඩවිය වෙත යොමු වන්න.
Factsheet | Zero Project website.

පසුබිම
APSL වැඩසටහන සහ ආසියානු සංඥාබැංකුව
බිහිරි සහ ශ්‍රවණ පුද්ගලයන්ගේ එකතුවකි
සංඥා භාෂා පර්යේෂණයන්හී ප්‍රතිලාභ
දිගුකාලීන වැදගත්කම
දාර්ශනික හා තාක්ෂණික රාමුව
ස්තුතිය
පර්යේෂණ හා නිෂ්පාදන කණ්ඩායම

පසුබිම
ආසියානු සංඥාබැංකුව සංඥා භාෂා  පර්යේෂණ සඳහා  ගොඩනඟන  ලද  මර්ගාගත දත්ත ගබඩාවකි. මුලිකව මෙම මාර්ගගත දත්ත ගබඩාව සංඥා වාග්විද්‍යා සහ බිහිරි අධ්‍යන මධ්‍යස්ථානයේ අදහසක් ලෙස පැනනැඟුණු අතර  CUHK හි වාග්විද්‍යා සහ නූතන භාෂා දෙපාර්තමේන්තුව සහ පද්ධති ඉංජිනේරු හා ඉංජිනේරු කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහය ද මේ  සඳහා  ලැබී ඇත. පර්යේෂණ විෂයයන්හි දෙපාර්ශවයක උත්සාහයන් සැලකිල්ලට ගනිමින් ආසියානු සංඥාබැංකුව සංඥා වාග් විද්‍යාවේ දාර්ශනික පදනම මත ඉදිකරන ලද අතර පද්ධති ඉංජිනේරු විද්‍යාවේ තාක්‍ෂණික ක්‍රියාත්මක කිරීම තුළින් ගොඩනඟන ලද්දකි.

ආසියානු සංඥාබැංකුව  සංඥා  භාෂා සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් බලපෑමක්  ඇති කිරීම සඳහා සංඥා  භාෂා පද්ධතියේ නිරුපණය කිරීම උදෙසා නිර්මාණය වූ සංඥා ලිවීමේ පද්ධතියක් නොව.  ආසියානු සංඥාබැංකුව  යනු සමානුපාතික විශ්ලේෂණ සහ සංඥා ගබඩා  කිරීම යනාදී සැලකියයුතු පර්යේෂණ අරමුණු සඳහා පහසුකම් සැලසීමට නිර්මාණය කරන ලද්දකි.

මෙම වෙබ්අඩවිය සංඥා  ඉගැන්වීම සහ තොරතුරු වර්ධනය සහ සංඥා භාෂා පර්යේෂණ යනාදිය සඳහා පහසුකම් සැළකීමට නියමිතය. මෙම ආසියානු සංඥාබැංකුවේ අරමුණ ආසියානු පැසිෆික් කලාපයේ සංඥා භාෂා දත්ත ලේඛනගත කිරීමවේ. ආසියානු සංඥාබැංකු පදනම වෙත,  පර්යේෂණ සහ පුහුණු වැඩසටන් වලට සහභාගී වන ආසියානු රටවල් වල පර්යේෂකයන් දත්ත දායකත්වය සපයයි.
නැවත ඉහළට

APSL වැඩසටහන සහ ආසියානු සංඥාබැංකුව
ආසියානු සංඥාබැංකුව ආසියානු පැසිෆික් කලාපයේ සංඥා වාග්විද්‍යා සහ පුහුණු වැඩසටහන සඳහා වන පර්යේෂණ දත්ත ලබා ගැනීම උදෙසා වන මධ්‍ය සංචයක්  ලෙස ක්‍රියත්ම වේ (http://www.cslds.org/apsl).
නැවත ඉහළට

බිහිරි සහ ශ්‍රවණ පුද්ගලයන්ගේ එකතුවකි
ආසියානු සංඥාබැංකුව සහ ඒ ආශ්‍රිත කාර්යයන් සංඥා භාෂා ගුරුවරුන්, පරිවර්තකයින්, සමාජ සේවකයින් සහ සංඥා  භාෂා පර්යේෂකයින් සඳහා ඉහළ අධ්‍යාපනික හා පර්යේෂණ වටිනාකමක් ඇත. වඩාත් වැදගත් කාරණය නම්, ආසියානු සංඥාබැංකුව APSL වැඩසටහන හරහා ඇතිවූ බිහිරි සහ ශ්‍රවණ පර්යේෂකයන් අතර සහයෝගී පර්යේෂණයේ වැදගත්කම නිරූපණය කරන අතර එය බිහිරි පර්යේෂකයන්ට සංඥා වාග් විද්‍යාව පිළිබඳ පුහුණුව ලබා දීම අරමුණු කර ගෙන ඇත. එය ශ්‍රවනාබාධ සහිත පර්යේෂකයන්හට ආසියානු සංඥාබැංකුව ගොඩනැගීමට දායකවීමට සහ ඉග්නවීම් ලේඛන නිර්මාණයට මෙන්ම ශබ්ධකෝෂ සංඥා භාෂා පර්යේෂණ වෙත උපයෝගී කර ගැනීමටද වැදගත් වේ. තවද, මෙමඟින් සිය රටවල පහුණු වර්ධනයටද මෙය උපකාරී වේ.
නැවත ඉහළට
   
බිහිරි සහ ශ්‍රවණ පර්යේෂකයන් සංඥා වල ලක්ෂණ පිළිබඳ  සාකච්ඡා කරයි හොංකොං බිහිරි සහ ශ්‍රවණ පර්යේෂකයන් සංඥා වීඩියෝ ගත කරමින් ශ්‍රී ලංකා බිහිරි පර්යේෂකයන් ආසියානු සංඥාබැංකුව සඳහා ලබාගත් ඡායාරූප පිළිබඳ සාකච්ඡා කරීම සහ සැකසීම

සංඥා භාෂා පර්යේෂණයන්හී ප්‍රතිලාභ

ආසියානු සංඥාබැංකුව පහත දැක්වෙන ආකාරවලින් සංඥා වාග් විද්‍යා පර්යේෂණ සඳහා පහසුකම් සැලසේ :

  1. මෙම වෙබ්අඩවිය සංඥා වීඩියෝ සහ එහි වාග්විද්‍යා තොරතුරු දෙපසින් පෙන්නුම් කරයි

    අතීතයේ, සංඥා  භාෂා පර්යේෂකයන් හට සංඥා  වල වාග්විද්‍යාත්මක ගුණ විශ්ලේෂණය කිරීම උදෙසා දෘඩ පිටපත් භාවිතයට සිදුවිය. කෙසේවෙතත්, චලන ගුණ පින්තූර මගින් මනාව විදහා දැක්විය නොහැක. මීට අමතරව, ආසියානු සංඥාබැංකුව සංඥාවක  ඇති  වාග්විද්‍යාත්මක තොරතුරු පුළුල් ලෙස අන්තර්ඝත කිරීමේ හැකියාවකින් යුතුය. උදාහරණ  ලෙස,
    • සංඥා ගැටපද මව් භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් දැක්වෙන්නේ දේශීය සහ විදේශයන් මඟින්ද තොරතුරු ලබා ගැනීම පහසු කිරීම වෙනුවෙන්ය,
    • එක් සංඥාවකට වන තනි ගැටපද සංයුක්ත සංඥා වලින් දැක්වේ,
    • එම සංඥාව දැක්වෙන උදාහරණ,
    • බිහිරි ප්‍රජාව තුළ සංඥා  වල ප්‍රභේද පෙන්වන සංඥා ,
    • ආවේණික ලක්ෂණ (උදා: සංඥාවක වෙනස් නොවන ස්ථිතික ලක්ෂණ, අත් හැඩය වැනි, උච්චාරණය උපදින ස්ථානය, ශරීර අංගය, අත්ලේ පෙළගැස්ම, අතේ කොටස් යනාදිය) සහ ශාස්ත්‍රිය ලක්ෂණ (සංඥාවේ ගතික ලක්ෂණ, මාර්ගය සහ හැඩය, සැකැස්ම,දිශානතිය, විවරය සහ අත් හැඩයේ වන වෙනස්වීම, කම්පන චලන යන්න ) උචචාරණයේ සව්ස්තරත්මක විස්තර ඇතුලත් වේ

  2. දත්ත අර්ථවත් තොරතුරු වලට හැසිරවීමට උපකාරී වන විමසුම් පද්ධතියක් සපයන්න

    සංඥාවල ඇති වාග්විද්යතමක ගුණයන් දැක්වීම සහ ඒ සඳහා දත්ත ගබඩාවක් ලෙස ක්‍රියාත්මක වීමට අමතරව, දන්නා ඕනෑම තොරතුරක් උපයෝගී කොටගෙන සංඥා සොයා ගැනීමේ උපාය මාර්ගයන් ඇතුලත් වීමයි. ගැටපදයේ සිට ශබ්ධ විද්‍යාත්මක තොරතුරු යන ඕනෑම දෙයක් මෙම වෙබ්අඩවිය ඔස්සේ විවරණය කරගත හැක. එය අංගයක් මගින් සෙවීමට පමණක් නොව, කොන්දේසි සහිත සංයෝජනයකින් ඇති අංග මඟින්ද සෙවිය හැක. උදාහරණයක් වශයෙන් ගතහොත්, මෙය පාවිච්චි කරන්නෙකු හට අතේ හැඩයෙන් පමණක් නොව ස්ථානය යන අංගය මඟින්ද සංඥා සෙවිය හැක (උදා: අත් හැඩය - 5 + උරහිස මත උච්චාරණය වේ). ඇත්තෙන්ම මෙම පද්ධතිය අසීමිත සෙවුම් අවස්ථාවන් වලට ඉඩ ලබාදෙයි.මෙම සෙවීමේ ක්‍රමෝපාය සංඥා සොයා ගැනීම සඳහා පමණක් නොව, සංඥා වල විශේෂිත ලක්ෂණ ඇතිවීමේ වාර ගණන වැනි විස්තරාත්මක සංඛ්‍යානමය දෑ සොයා ගැනීම සඳහාද ඉඩකඩ ලබා දෙයි. ආසියාවේ වෙනත් සංඥා භාෂා ඇතුළත් කිරීම සඳහා පද්ධතිය විස්තාරණය වන විට, සංඥා වල භාෂාමය තොරතුරු භාෂා සහ සංඥා භාෂා අතර වාග්විද්‍යාත්මක සංසන්දනයකට පද්ධතිය ඉඩ දෙයි. නිදසුනක් වශයෙන්, ආසියාවේ  සංඥා භාෂා කීයක් මිනිසුන්, සතුන් හෝ සජීවීකරණ ගුණාංග පොදුවේ දැක්වීම සඳහා සෘජු Y- අත් හැඩය භාවිත කරයිද යන්න දැන ගැනීම වැනි කැපී පෙනෙන කරුණු.
නැවත ඉහළට

දිගුකාලීන වැදගත්කම
  • සංඥා  භාෂාව පහසු සහ වැඩිඩියුණු කළ හැකි බහුමාධ්‍යක් දත්ත සමුදා පද්ධතියක් ඔස්සේ සංඥා භාෂා ලේඛන ගත කිරීමට පර්යේෂකයන් හට අවස්ථාව සැළසේ
  • විවිධ ආසියානු සංඥා  භාෂා දත්ත අසීමිත ආකාරයකින් විමසීමට පර්යේෂකයන්ට ඉඩ සැළසේ
  • ගුණාත්මක හා ප්‍රමාණාත්මක විශ්ලේෂණයට පහසුකම් සපයන ආකෘතිවල සෙවුම් ප්‍රතිදානයන් ජනනය කිරීමට පර්යේෂකයන්ට ඉඩ දෙන්න
  • සංඥා භාෂා ශබ්ද කෝෂය සහ ටීකාව නිෂ්පාදනය අභිරුචි කරන ලද ආකෘතිවල කිරීමට ඉඩ
  • විවිධ ඉගැන්වීම් අරමුණු වලට ගැලපෙන අයුරින් සංඥා භාෂා ලේඛන නිෂ්පාදනයට ඉඩ
  • ආසියානු සංඥා භාෂාවන්ගේ ප්‍රචාරණය සමාජය තුළ වැඩි දියුණු කිරීම, ඒ සඳහා කලාපයේ සංඥා භාෂා විධිමත් ලෙස පිළිගැනීමට අත්‍යවශ්‍යවේ
නැවත ඉහළට

දාර්ශනික හා තාක්ෂණික රාමුව
ආසියානු සංඥා බැංකුවේ භාවිතා වන සංඥා අංකන පද්ධතිය පදනම් වී ඇත්තේ බ්‍රෙන්ටාරි (1998) විසින් යෝජනා කරන ලද ශාස්ත්‍රීය ආකෘතියට අනුව විශේෂාංග විශ්ලේෂණ ප්‍රවේශයක් මත ය.

නැවත ඉහළට

ස්තුතිය


මෙම පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා නිපොන් පදනමේ නොමසුරු සහයෝගය නොමැතිව ශ්‍රවනාබධිත පුද්ගලයන් සංඥා වාග්විද්‍යා පුහුණුව ලබා දීම සහ සංඥා භාෂා ලේඛනගත කිරීමේ වේදිකාවක් නිර්මාණය කිසිදින සාක්ෂාත් කොට ගත නොහැකි වනු ඇති අතර, නිපොන් පදනම වෙත මේ වෙනුවෙන් හදපිරි ස්තූතිය පුදකර සිටිමු.
නැවත ඉහළට

පර්යේෂණ හා නිෂ්පාදන කණ්ඩායම
සංඥා  වල ඇති වාග්විද්‍යාත්මක තොරතුරු හඳුනා ගැනීමට සහය වීම , ඡායාරූප සහ වීඩියෝ පට සඳහා ආදර්ශ ලෙස පෙනී සිටීම, ඡායාරූප ග්‍රැෆික් ආධාරයෙන් වැඩි දියුණු කිරීම යනාදී කාර්යන් සඳහා නොපැකිළිව සහයෝගය ලබා දුන් බිහිරි සහ ශ්‍රවණ පර්යේෂකයන්ට අපගේ ස්තූතිය.
නැවත ඉහළට
Hong Kong
පර්යේෂණ කණ්ඩායම:
Brenda Yu
Felix Sze
Jafi Lee
Joe Mak
Kenny Chu
Michael Choi
Zoe Li
Yuan Rui Fang
Zhang Hong Bin

පද්ධති සංවර්ධනය:
Cheng Ka Yiu
Chan Chun Kit
Cheung Yu Wai)
Chow Man Ki
Lau Wai Hung
Yu Man Him

ඡායාරූප සංස්කරණය සහ දත්ත සැකසීම:
Han Yijun
Jessica Yeung
Herman Kwan
Carmen Ip
Dong Dan
Hao Yuan
Liu Dong Qi
Samuel Cold
Susan Wong
Zhang Huan
Indonesia
Research team:
Adhi Kusumo Bharoto
Adhika Irlang Suwiryo
Laura Lesmana Wijaya
Iwan Satryawan
Silva Tenrisara Pertiwi Isma
Sri Lanka
Research team:
Kodithuwakku Koraralege Brayan Susantha
Liyanage Sumudu Sulochana Perera
Mataramba Kanatta Gamage Geshani Amila
Mohamed Ramees Mohammed Razak
Pubodha Sarani Kanakkahewa
Vietnam
Research team:
Ho Thu Van
Le Thi Thu Huong
Luu Ngoc Tu
Nguyen Dinh Mong Giang
Nguyen Hoang Lam
Nguyen Minh Nhut
Nguyen Thi Hoa
Nguyen Tran Thuy Tien
Pham Van Hai
Japan
Research team:
Endo Eita
Furukawa Kaori
Ikeda Masumi
Imai Mika
Isobe Daigo
Odaka Mayumi
Shimotani Natsuko
Fiji
Research team:
Tinai Asinate
Myanmar
Research team:
Ei Zin Phyo
Naw Nobel
Shwe Sin
Soung Yein
Tin Aye Ko
Wai Hnin Thant